අමාත්ය පාඨලී චම්පික රණවක මහතාගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්යුත් කම්පන ප්රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්රථිකාර බලහත්කාරයෙන් ලබාදෙන ලද බව අමාත්ය වරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා ප්රකාෂ කරයි.
පාඨලී චම්පික රණවක අමාත්යවරයාගේ මෙහෙයවීම මත නිරෝගී පුද්ගලයෙකු වන තමාට මෙවැනි ප්රථිකාර ලබාදීමෙන් වෛද්ය වෘතීය ආචාර ධර්මයන්ටද පටහැනිව කටයුතු සිදුකර ඇති බව දක්වමින් ඒ පිළිබද පැමිණිල්ලක් ඒ මහතා විසින් (2017.02.08 ) කොළඹ 10, නොරිස් කැනැල් පාර, අංක 31 හි පිහිටි ශ්රි ලංකා වෛද්ය සභාවේ දී, ශ්රී ලංකා වෛද්ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට බාර දෙන ලදී.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හර්ෂ තිලකසිරි මහතා මාධ්ය වෙත දැක්වූ අදහස්.
මම හර්ෂ තිලකසිරි වෘර්තියෙන් විධායක සුපවේදියෙක්. චම්පික රණවක ඇමතිතුමා ළග වසර 16කට වඩා කාලයක් පුද්ගලික සහකාරවරයෙක් විදිහට සේවය කළා. අවසාන වතාවට වැඩ කළේ වෝටර්ස් එජ් ආයතනයේ. එතනැන සිට චම්පික ඇමතිතුමාගේ නිල නිවසේ තමයි මම රුදි සිටිමින් සේවය කළේ. එතනදි චම්පික රණවක ඇමතිතුමා සහ මා අතර අරගලයක් ඇතිවෙනවා කාන්තාවක් සම්බන්ධයෙන්. මා යාළුවෙලා ඉන්න කාන්තාව එතුමා මගෙන් ඉල්ලනවා. එකට විරසකයක් ඇතිවෙලා මම යනවා එතනින් අස්වෙලා.
මම පිළියන්දල මහ ගෙදරට යනවා. එහෙ ඉන්න බය නිසා රත්මලානේ යාළුවෙකුගේ ගෙදරට යනවා. එතනට UDA එකේ ක්රියාකාරි අධ්යක්ෂ චන්දන රණසිංහ, ඇමතිතුමාගේ පුද්ගලික රියදුරු ප්රදීප් අල්විස්, කරුදුවත්ත පොලිසියේ එස් අයි හේරත් ඇතුළු කට්ටිය ඇවිල්ලා ඇමතිතුමාගේ ගෙදරට එක්ක යනවා කියලා මාව බලෙන් පැහැර ගෙන යනවා. මේ ගෝල්ලෝ මාව ගෙනියන්නේ අංගොඩ මානසික රෝහලට.
රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ලේකම් වෛද්ය උපුල් ගුණසේකර අංගොඩ රෝහල සමග කතා කරල තිබුනා මාව බාර ගන්නා ලෙසට. එතනදී මට මාසයකට ආසන්න කාලයක් ප්රතිකාර කරනවා. හය පාරක් විදුලි සැර අල්ලනවා. මම ඇමතිතුමා ලග පුද්ගලිකව වැඩ කලා. ඒ නිසා එතුමන් ගැන බොහෝ දේවල් මම දන්නවා. අනාගතයේදී ඒවා හෙළි කළොත් මම පිස්සෙක් කියන තැනට පත් කරන්න තමයි ඇමතිතුමා වැඩ කෙරුවේ. පිස්සෝ කියන දේවල් කවුරුත් අහන්නේ නෑනේ.
චම්පික ඇමතිතුමා මාධ්ය හමුවලට ඇවිල්ලා කියනවා උන්මත්තකයෙක් දාලා අපිට පාහර එල්ල කරනවා උන්මත්තකයෝ කියනදේවල් අපි ගණන් ගන්නේ නෑ කියලා. ඒ කාරණය කියන්න තමයි මාව අංගොඩ රෝහලට ගිහින් දැම්මේ. නමුත් අංගොඩ රෝහලෙන් මාව එවලා තියෙනවා උන්මත්තකයෙක් නෙවෙයි කියලා. මට ඒකට සහතිකයක් තියෙනවා. මම ඇමතිතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාට එහෙම සහතිකයක් තියෙනවද පිස්සු නෑ කියලා.
– අරවින්ද අතුකෝරල
Thursday, February 9, 2017
Home
අනාවරණ
ඇමති චම්පික මගේ පෙම්වතිය බලෙන් පැහරගෙන මා අංගොඩට දැම්මා.. – චම්පිකගේ පුද්ගලික සහකාර පැමිණිලි කරයි..
ඇමති චම්පික මගේ පෙම්වතිය බලෙන් පැහරගෙන මා අංගොඩට දැම්මා.. – චම්පිකගේ පුද්ගලික සහකාර පැමිණිලි කරයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment