දිගම උමං මාර්ගයේ ලොකුම ජාවාරම මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 6, 2016

දිගම උමං මාර්ගයේ ලොකුම ජාවාරම මෙන්න (PHOTOS)

ශ‍්‍රී ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය වන හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය තුළ වාසය කරන වැහි ලිහිණියන්ගේ කූඩු කඩා ඒවායේ ඇති විශේෂිත මැලියම් ලබාගන්නා ජාවාරමක් අනාවරණය වී තිබෙනවා.

කිලෝමීටර් 3 ක පමණ දිග මෙම උමං මාර්ගයේ වැහිලිහිණි කූඩු ලක්ෂ ගණනක් ඇති බවයි. කිසියම් පිරිසක් ජාවාරමක් ලෙස දිගින් දිගටම මෙම වැහිලිහිණි කූඩු කැඞීම සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

වැහිලිහිණියන් සිය ඛේටය යොදා ගනිමින් තනන මෙම කූඩුවලින් ලබාගන්නා මැලියම් අධික මිලකට අලෙවි කරනු ලබන්නේ දේශීය සහ විදේශීය තරු පන්තියේ  හෝටල් සඳහා සුප් වර්ග සෑදීමටයි. වැහිලිහිණියා ආරක්ෂිත පක්ෂියෙකු ලෙස වනජීවී ආඥා පනත මගින් ද නම් කර තිබෙනවා. 

මෙම වැහිළිහිණි මැලියම්වලින් පිළියෙල කරන ලද සුප් එම තරු හෝටල් මගින් අධික මිළකට අලෙවි කරන බවත් මෙම සුප් පානය කිරිමෙන් දීර්ඝායුෂ ලැබෙන බවටද මත පවතිනවා. ඊයේ (05) රාත්‍රියේද එම දුම්රිය උමං මාර්ගය තුළ විශාල වැහිළිහිණි කුඩු ප්‍රමාණයක් කඩා දමා ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

එම උමං මාර්ගය හරහා ගමන් කරන පිරිස් පෙන්වා දෙන්නේ රාත්‍රි 10.00  න් පසුව උමං මාර්ගය තුළ වැහිළිහිණි කුඩු කැඩීමේ ජාවාරම කිසියම් පිරිසක් විසින් සිදු කරන බවයි.














Source : Nethfm

No comments:

Post a Comment

Post Bottom Ad