Facebook ප්රධානී මාර්ක් සකර්බර්ග්ට හා twitter ප‍්‍රධානී ජැක් ඩෝර්සිට IS සටන්කාමීන් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිඛෙනවා. ඔවුන්ගේ අවසානය සටහන් කරන බව කියමින් වීඩියෝවක් මගින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඇමෙරිකානු ජනාධිපති බරක් ඔමාබා Facebook සහ twitter හිමිකරුවන් සමග පසුගිය දිනක රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන් පසු IS සංවිධානයට ආධුනිකයන් බඳවා ගන්නා අයගේ මෙන්ම උදව්කරුවන්ගේ Facebook සහ twitter ගිණුම් අත්හිටුවීමට සකර්බර්ග් හා ජැක් කටයුතු කරමින් සිටීම මෙම අනතුරු ඇඟවීමට හේතුව කියලයි සඳහන් වෙන්නේ.
IS ත්‍රස්තවාදීන් වීඩියෝවෙන් අදහස් දක්වමින් කියාසිටින්නේ තමන්ගෙ එක Facebook ගිණුමක් වසා දැමුවොත් සකර්බර්ග්ට ඊට දස ගුණයක විපාක විඳින්න සිදුවන බවයි.
එම වීඩියෝව පහතින් නරඹන්න...
Friday, February 26, 2016
‘ෆේස්බුක් නිර්මාතෘ මරා දමනවා’ IS ත්‍රස්ත වීඩියෝව මෙන්න
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment