ඥාණසාර හිමි බන්ධනාගාරයේ ශීල වැඩසටහනක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

ඥාණසාර හිමි බන්ධනාගාරයේ ශීල වැඩසටහනක

අදට (22) යෙදී ඇති නවම් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාර රෝහලේ ශීල වැඩසටහනක් සංවිධානය කර තිබේ.

ප‍්‍රතිකාර ලබන රැදවූවන් වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙම ශීල වැඩසටහන ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගතකර බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන අනෙකුත් ස්වාමීන් වහන්සේගේද සහාය ඇතිව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

එය වැලිකඩ බන්ධනාගාර රෝහල් භූමියේ පිහිටි බුදුමැදුර අභියසදී පැවැත්වීමට සැලසුම් කර ඇත. කාව්‍යමය ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාද මෙම ශීල වැඩසටහනට ඇතුළත්වේ. අතුරුදන් වූ මාධ්‍යවේදී ප‍්‍රගිත් එක්නැලිගොඩ මහතාගේ බිරිදට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම සිද්ධිය ආශ්‍රිතව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිමිවරුන් 10 ක් සහ කාන්තාවක් ඇතුළු 15 දෙනෙකුද රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටිති. ඥානසාර හිමියන් ඇතුළු තවත් හිමිවරුන් පිරිසක් මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබති.

අනෙකුත් සැකකාර ගිහි පැවිදි පිරිස කොළඹ රිමාන්ඩ්, මහර සහ මීගමුව යන බන්ධනාගාරවල රඳවා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad