සිය ප්‍රාන්තයේ බස් රියැදුරෙකු මෙලෙස මිය ගොස් ඇති බවත් ඔහු වෙනුවෙන් ප්‍රාන්ත රජය රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බවත් තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය කියා තිබේ. වෙල්ලෝරයේ ඉංජිනේරු විද්‍යායාලය අසළ මෙම උල්කාව පතිතවීමෙන් ආවාටයක් ද නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
උල්කාශ්මයක් පතිත වී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් මීට පෙර වාර්තාවන්නේ 1825 වසරේ දී ය. තමිල්නාඩුවේ සිද්ධිය පිළිබඳ අමෙරිකානු නාසා ආයතනය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


No comments:
Post a Comment