වැලන්ටයින්දා දකුණේ මන්ත්‍රීවරියට බලපෑම් කළාදැයි ඇසූ විට උඩරට ඇමැතිට යකා නැඟ නැගිට යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

වැලන්ටයින්දා දකුණේ මන්ත්‍රීවරියට බලපෑම් කළාදැයි ඇසූ විට උඩරට ඇමැතිට යකා නැඟ නැගිට යයි..

මීගමුවේදී පසුගිය 14 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමකට සහභාගි නොවීමට මන්ත්‍රීවරියකට බලපෑම් කළේදැයි මාධ්‍යවේදීන් විසින් විමසනු ලැබීම නිසා කෝපයට පත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ශ්‍රීලනිප පුවත්පත් සාකච්ඡාවකින් නැගිට ගොස්‌ තිබේ.

අදාළ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා එක්‌තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට වැලන්ටයින් දිනයේ දුරකථනයෙන් සුබපතා පසුව අදාළ රැස්‌වීමට නොයන ලෙස දැන්වූ බව සත්‍ය දැයි මාධ්‍යවේදීන් මෙහිදී ඔහුගෙන් විමසා ඇත.

අදාළ මන්ත්‍රීවරිය ඇමැතිවරයාගේ ඉල්ලීම් දැඩි ලෙස ප්‍රතික්‌ක්‍ෂේප කර තිබිණි.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad