ඇමති සමඟ වාදයකින් පසු මේජර් ජෙනරාල් චාගි කොළඹට මාරු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

ඇමති සමඟ වාදයකින් පසු මේජර් ජෙනරාල් චාගි කොළඹට මාරු කරයි

ඇමති සමඟ වාදයකින් පසු මේජර් ජෙනරාල් චාගි කොළඹට මාරු කරයි
යාපනය 51 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර ඇත.

යාපනයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මේජර් ජෙනරාල්වරයා හා විදේශ ඇමැතිවරයා උණුසුම් වාදයක පැටලීමෙන් පසුව මෙම ස්‌ථාන මාරුව ලබා දී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් යෝජනා කර ඇති කමිටුවක්‌ සඳහා හමුදා මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු ද ඇතුළත් කළ යුතු යැයි ගාල්ලගේ මහතා විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇත.

විදේශ අමාත්‍යවරයා සහභාගි වූ මෙම හමුව පැවැතියේ මීට සති දෙකකට පෙරය. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා ජනපති ආරක්‍ෂක ඒකකයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කර ඇත.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad