පළාත් පාලන ඡන්දය කල් යන හේතුව ඇමති ෆයිසර් හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

පළාත් පාලන ඡන්දය කල් යන හේතුව ඇමති ෆයිසර් හෙළි කරයි

රටේ නීතිය අනුව සීමා නිර්ණය කිරීම අවසන් වන තෙක් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

සීමා නිර්ණ වාර්තාව සකස් කිරීමේ ඇති වූ ප්‍රමාදය සහ එහි අඩුපාඩු සියලු දෙනා පිළිගැනීම හේතුවෙන් ඒ සඳහා දීර්ඝ ගත වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පළාත් පාලන ඡන්දය නිත්‍යානුකූලව සිදු විය යුතු අතර 2012 අංක 22 දරන පනත අනුව සීමා නිර්ණ වාර්තාව 2015 වසරේ අගෝස්තු මාසයේ  ජනාධිපතිවරයාට භාර දීම සිදු වූ බවත් පසුව නෛතිකව ජනාධිපතිවරයා විසින් එය ගැසට් කිරීමට අවශ්‍ය වූ බවත් ඒ මහතා සඳහන් කළේය. 

එසේම ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනතාවට හා පක්ෂවලට සාධාරණයක් ඉටු කිරීම සඳහා අභියාචනා කමිටුවක් පත් කර එහි කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

අභියාචනා කමිටුව වෙත අභියාචනා 2000ක් පමණ මේ වන විට ලැබී තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා සීමා නිර්ණ 1000කට වඩා වෙනස් කිරීමට සිදු වී තිබෙන බව ද සඳහන් කළේය.

අභියාචනා වාර්තාව ගැසට් කරන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නෛතික අයිතියක් නැති බවත් කිසිම අවස්ථාව නීතිය උල්ලංඝනය වන ලෙස තමා කටයුතු කර නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම සියලු කටයුතු අවසන් කර මෙම වසරේ ජූනි, ජූලි මාසවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට උපරීම උත්සාහයක් ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad