සෞඛ්‍ය ඇමති සහ සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා 10 වෙනි වරටත් අල්ලස් කොමිසම මගහැර ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය ජනවාරි 24වෙනිදා අල්ලස් කොමසමට පැමිණෙන ලෙස එම කොමිසම ඇමතිවරයාට දැනුම් දී තිබිණ. ඒ ධීවර ඇමතිවරයා සමයේ සේනාරත්න මහතා සිදුකලේයැයි කියන වංචා සහ දුෂණ පැමිණිලිවලට අදාල ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.
මීට පෙර අවස්ථා 09කදීම මෙලෙස කොමිසම හමුවට පැමිණෙන ලෙස සේනාරත්න මහතාට දැනුම් දී ඇතත් විවිධ හේතු දක්වමින් ඔහු එම අවස්ථාවන් මගහැර තිබේ. මෙවරද අල්ලස් කොමිසමේ කොමසාරිස්වරිය අමතා ඇති සේනාරත්න මහතා ජනාධිපතිවරයා සමග හදිසි රැුස්වීමක් යෙදී ඇති බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
මේ අතර වංචනික කටයුතුවලට සම්බන්ධයැයි චෝදනා නැගී ඇති සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂකවරයාට නැවතත් සීනෝර් ආයතනයේ සභාපපති ධූරයට පත් කිරීමට සේනාරත්න මහතා දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.
සමපෝෂ ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු පත් කිරීමට රාජිත සේනාරත්න මහතා උත්සාහ දැරූවද එයද අසාර්ථක වී ඇති අතර පසුව ඔහුට මාතලේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල ලබාදීමට සේනාරත්න මහතා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතාට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.
චෝදනාවට ලක්වන සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂ වරයා රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහි රහස් පොලිස් පැමිණිල්ල ලිපි ගොනුවෙන් ඉරා ගිලදැමූ බව පවසා ඇති අතර, සේනාරත්න මහතා ඊට සැලකිල්ලක් ලෙස ඔහුට ඉන්ධන පිරවුම්හල ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.
– සුපුන් රාජසේකර
Wednesday, February 10, 2016
රාජිත දහවෙනි වරටත් අල්ලස් කොමිසම මගහරී… මාතලේ ඉන්ධන පිරවුම්හල ගෝලයාට දෙන්න යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment