මෙවර යල කන්නයේ සිට රජයේ පොහොර සහනාධාර මුදල් ලබා ගැනීමට ලියාපදිංචි වීම සඳහා සෑම ගොවි මහතෙක්ම පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් තම අයඳුම් පත සමඟ ඉදිරිපත් කලයුතු බව ගොවිජනසේවා මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
ඒ අනුව ලබාදුන් පොහොර සහනාධාරය ඉවත්කර ඒ වෙනුවට මුදල් ලබා දිමට රජය පියවර ගෙන ඇති නිසා සෑම ගොවියෙක්ම තම අයඳුම්පත පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක්, බැංකු ගිණුමේ පිටපතක්, කුඹුරේ නිත්‍යානුකූල අයිතිය සඳහන් ලිපි ලේඛන සමඟ ඉදිරිපත් කළ යුතුය.
අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ශශී එදිරිසූරිය මහතා මේ පිළිබඳව කියාසිටියේ මෙවැනි ක්‍රම ගොවින්ට හඳුන්වා දිම ප්‍රායෝගික නොවන බවයි. ඒ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ වී මිළදී ගැනීමට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන ලෙසටත් පොහොර සහනාධාරය ලබා ගැනිමට පාස් පෝට් ප්‍රමණයේ ඡායාරූපයක් ඉල්ලිමත් නිසා ගමේ ගොවියා අන්දමන්ද වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර ගොවිජන සේවා කොමසාරිස් චමින්ද ඒකනායක මහතා කියාසිටියේ දිස්ත්‍රික්ක 05ක ගොවි නියෝජිතයින් සමඟ කෘෂිකර්ම ඇමැතිතුමා කොළඹ දී සාකච්ඡා කරගත් තිරණයක් මත මෙය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන් බවයි.
කෙසේ වෙතත් මේ වනවිට දිස්ත්‍රික්කය පුරාම සිටින ගොවින් ඡයාරුප ශාලා වෙත ගොස් ඡායාරූප ගැනිම සිදු කරන බව වාර්තා වේ.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

No comments:
Post a Comment