තොටළඟ ෆර්ගසන් පාර අසල නිවාස කැඩීමට එරෙහිව එහි වැසියෝ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම හරස් කරමින් පැවැත්වූ විරෝධතාව නවත්වා මේ වන විට මාර්ගය වාහන ගමනාගමනය සඳහා නිදහස් කර ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ(16) පස්වරුවේ එම ස්ථානයේ විරෝධතාවයක නියැලි පිරිස් පළවා හැරි නමුත් යළි එදින රාත්‍රියේ විරෝධතාකරුවන් පාර හරස් කර අද (17) පෙරවරුව වනතෙක් එහි රැඳී සිටියහ.
මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් ද ඇතිවී තිබිණි. අද පෙරවරුවේ රාජකාරියට යෑමට පැමිණි බොහෝ පිරිසක් විරෝධතාවය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ.

No comments:
Post a Comment