කසාද බැඳල පවුල් කන්න හැදූ ලංකාවේ 15 කොල්ලයි 14 කෙල්ලයි සල්ලං - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

කසාද බැඳල පවුල් කන්න හැදූ ලංකාවේ 15 කොල්ලයි 14 කෙල්ලයි සල්ලං

මෙරට ක්‍රියාත්මක නීතයානුකූල විවාහ වීමේ නීතියට පටහැනිව කෝවිලකදී සාම්ප්‍ර‍ධායික ලෙස විවාහවූ බාල වයස්කාර තරුණියක හා තරුණයෙකු සාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව සාම්පූර් පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාම්පූර් වීරමානගර්හි පදිංචි වයස අවු 14 යි මාස 4 ක් වයසැති රවීන්ද්‍රන් මධුශානී හා සේරුවිල පොලිස් බල ප්‍රදේශයේ ඊච්චලම්පත්තු සින්නවේලි ප්‍රදේශයේ විග්නේෂ්වරම් විසයානන්දා නමැති වයස අවු15 ක් පමණ වන තරුණයෙකි.

නීතිරීති උල්ලංගණය කරමින් සාම්පූර් වල පිහිටි වීරමානගර් කෝවිලේදී හොර රහසේ නීති විරෝධී විවාහයක් සිදුවූ බවට සාම්පූර් පොලිසියට ලද ඔත්තුවක් අනුව දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් තරුණිය මූතූර් රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අද (09) මූතූර් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි.

සාම්පූර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad