පෙම්වතියගේ අලුත් සම්බන්ධයට පරණ පෙම්වතා දුන් දඬුවම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

පෙම්වතියගේ අලුත් සම්බන්ධයට පරණ පෙම්වතා දුන් දඬුවම

ආදරය කියන්න සුන්දර දෙයක්.හැබැයි සමහර ප්‍රේම සම්බන්ධතා නිම වෙන්නේ ඉතාමත් දරුණු විදිහට. ඉතින් ඒ වගේ කතාවක් අපිට බදුල්ලෙන් වාර්තා වුණා.

ඊයේ (8) සවස පස්සර මාවුස්සාගොල්ල පදිංචි  22 හැවිරිදි තරුණියක් සිය අලුත් පෙම්වතා බව කියන බුත්තල පදිංචි  22 හැවිරිදි තරුණයෙකු සමග බදුල්ල උද්භිත උද්‍යානයේ සිටියදී උල්පිහියක් ගෙන එම ස්ථානයට කඩාවැදුන පරණ පෙම්වතා බව කියන තරුණයෙකු ඔවුන් දෙදෙනාට පිහියෙන් ඇන තිබෙනවා.

තරුණයන් දෙදෙනා පොරබදිද්දී වහාම ක්‍රියාත්මක වු උද්‍යාන සේවකයන් පරණ පෙම්වතා අල්ලාගෙන ඇති අතර ඔහු අත වස කුප්පියක්ද තිබු බවයි වර්තාවෙන්නේ. කැපුම්වලින්  තුවාල ලැබු  තරුණයා සහ තරුණිය බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ අත්වල සහ මුහුණුවල  කැපුම් තුවාල තිබූ බවයි වාර්තා වන්නේ. මෙම තරුණිය බාහිර උපාධිය හදාරණ සිසුවියක්.

සිද්ධියට සම්බන්ධ තරණයත් බාහිර උපාධිය හදාරණ සිසුවෙකු වුවත් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට තරුණියගේ නිවසින් කැමැත්ත පලවෙළා නෑ. මේ නිසා එය නතර කර අලුත් පෙම්වතෙකු සමග අදාළ තරුණිය ප්‍රේම සම්බන්තාවයක් ඇතිකර ගෙන තිබු බව විමර්ශන වලදි අනාවරණය වෙලා. පරණ පෙම්වතා බව කියන තරුණයා අත්අඩංගුවට ගෙන බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad