හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කළයුතු ආකාරය පිළිබඳව එකම මතයක සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (20දා) පැවවසුවා.
ඔවුන් දෙදෙනාම පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කරන්නේ නම් ඒ සඳහා සහාය දැක්වීමට සූදානම් බව අමාත්‍යවරයා පැවසුවා. කෙසේ වෙතත් චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු වෙනුවෙන් එක මතයක සිට කටයුතු කළ අවස්ථා දක්නට ලැබුණේම නැති තරම්ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මාධ්‍ය ඉදිරියට පැමිණ පක්ෂයේ යම් යම් පුද්ගලයන් විවිධ ප්‍රකාශ කළද රහසිගතව ඊට හාත්පසින්ම වෙනස් දේශපාලනයක් තිබෙන බවයි.
"එක්සත් ජාතික පක්ෂයට කවදාවත් ඡන්දය නොදුන්න අතට හා පුටුවට පමණක් ඡන්දෙ දුන්නු ඡන්ද ලක්ෂ හතක් පසුගිය ජනාධිපතිවරණයේදී අපෙන් ගිලිහී ගියා. අපට හැමදාම තිබුණු මුස්ලිම් ඡන්ද 15% 4% ට බැස්සා. නගරයේ ඡන්ද 35% ක් තිබිලා ඒක 20% ට බැස්සා.
කතෝලික ඡන්ද 40% ක් තිබිලා 20% ට බැස්සා.
ඒවා නැවත වෙනස් වෙලා අපට ශක්තිමත් ලෙස, මිත්‍රශීලීව ආකර්ෂණය කරගනිමින්, සියල්ල රැකගනිමින් අපේ අනන්‍යතාව රැකගනිමින් ගමනක් යන්න ඕන“ මාධ්‍යවලින් පේනවට වඩා දේශපාලනික වශයෙන් ලොකු වැඩ කොටසක් කරමින් සිටින බවත් මාධ්‍යයෙන් වසන් වී කරන දේශපාලනයක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
Thursday, January 21, 2016
චන්ද්‍රිකා මහින්ද වෙනස්වෙලා! එස්.බී රහසිගත දේශපාලනයක් හෙළිකරයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment