මහින්ද අගමැති අපේක්‍ෂකයා කිරීමට සන්ධානයේ විධායක සභාව සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

මහින්ද අගමැති අපේක්‍ෂකයා කිරීමට සන්ධානයේ විධායක සභාව සූදානම්..

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ සුදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව සන්ධානයේ විධායක සභාව කැඳවා මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට නියමිත යයිද පැවසෙයි.

මේ වන විටත් සන්ධානය නියෝජනය කරන අති බහුතරයක් පක්‍ෂ පවසා සිටින්නේ එන මැතිවරණය ජය ගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කිරීම අනිවාර්ය බවයි. කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දරන්නේද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතායි.

No comments:

Post a Comment

Post Bottom Ad