අගමැති වුනොත් ජනපතිට ගරු කරන්න මහින්ද සූදානම් ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

අගමැති වුනොත් ජනපතිට ගරු කරන්න මහින්ද සූදානම් ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් ඇති කිරීමට උත්සහා ගන්නේ වෙනත් පක්ෂ කිහිපයක පුද්ගලයින් පිරිසක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා පවසයි.
එහිදී හෙතෙම පැවසූවේ ‘දේශපාලන වශයෙන් ආනාථ වෙන බව දන්නා කිහිපදෙනෙක් කාගේ හෝ ඇඟේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගන්න හදන වෑයමක් තමයි මේ තියෙන්නේ. 

ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුත් රැවටිලා ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකත්වය ඉල්ලනවලු.

මට නම් විලිලජ්ජයි විධායක ජනාධිපතිවරයෙක් විදියට ඉඳලා අගමැති කෙනෙක් වෙන්න. හොඳයි මහින්ද මහත්තයා අගමැති වුණා කියමුකෝ..ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුවට එනකොට එතුමාට නැගිටලා ගෞරව කරන්න ඕනේ. මහින්ද මහත්තයා ඒකට සුදානම්ද? ”යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad