මහබැංකුව බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇති වූ වාද විවාද හේතුවෙන් අද (19) පාර්ලිමේන්තුවේදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර දෙවන වරටත් විනාඩි 15ක කාලයක් සඳහා සභාව කල්තබා තිබේ.
මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක පිරිසක් විසින් අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇත.
ඒ අනුව අද දිනයේ ඒ පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායක රැස්වීමේදී ඒ සඳහා අවධානය යොමු කළ බවයි.
කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට නියෝජ්‍ය කතානායකවරයා විසින් කල් තබා තිබේ.
ඉන් අනතුරුව නැවතත් පාර්ලිමේන්තු සභාව රැස් වු අතර එහිදීද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අදාළ කාරණය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍යම බව කියා සිටි අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඒ සඳහා සහය පළ කර තිබේ.
එම අවස්ථාවේදී ඇති වු උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පක්ෂ නායක රැස්වීමක් සඳහා නැවත වරක් පාර්ලිමේන්තුව විනාඩි 15කට කල් දැමු අතර ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (20) පස්වරු 1.00 දක්වා කල්තැබීමට තීරණය කර ඇත.

No comments:
Post a Comment