හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගෙන ඒමේ සහ ඔහුව පොළොන්නරුව දිස්ත්රීක්කයේ වේදිකා කිහිපයකට ගෙන ඒමේ සැලැස්මක් සංවිධානය වෙමින් පවතී.
වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රීධූරය සඳහා තේරීපත් වූ පොළොන්නරුව දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රී ජයසිංහ බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය වෙන බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්රී ජයසිංහ බණ්ඩා මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටි. ඒ අනුව සති කිහිපයක් තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පොළොන්නරුව දිස්ත්රීක්කයේ ස්ථාන කිහිපයකදී වේදිකා කිහිපයකට නැංවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සඳහා “මව්බිම රැකගමු-මහින්ද ගෙනඑමු”යන තේමාව යටතේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරුකීමේ එකමුතුව - පොළොන්නරුව නමින් සංවිධානයක්ද බිහි කරගෙන තිබේ.
පොළොන්නරුව දිස්ත්රීක්කය මූලික කරගනිමින් ඇරඹෙන මෙම වැඩපිළිවෙල බිම් මට්ටමින් සංවිධානය කිරීම සඳහා පළාත් සභා මන්ත්රී ආනන්ද සරත් කුමාර මහතා, පළාත් සභා මන්ත්රී අතුකෝරාල ඇතුළ පළාත් සභා සහ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් පිරිසක් එකඟතාවය පළ කර ඇත.

No comments:
Post a Comment