සිම්බාබ්වේ - පාකිස්තාන ක්‍රිකට් තරඟය අතර තුර ලාහෝර් නුවර බෝම්ම පිපිරීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

සිම්බාබ්වේ - පාකිස්තාන ක්‍රිකට් තරඟය අතර තුර ලාහෝර් නුවර බෝම්ම පිපිරීමක්

සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්ථානය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය පැවති ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය පිටත ඊයේ රාත‍්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව ඇත. බෝම්බකරු පොලිසිය විසින් නතර කිරීමත් සමඟ ඔහු එය පුපුරවා ගෙන ඇති අතර එහිදී පොලිස් උප පරීක්ෂකවරයෙකු මියගොස් තවත් 6දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන 2009වසරේ මාර්තු 3වනදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ද ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය ආසන්නයේදීයි.

කෙසේ නමුත්, ක්‍රිකට් තරඟය අඛන්ඩව පවත්වාගෙන ගිය අතර නරඹන්නන් කළබලයට පත්වී තෙරපීමක් සිදුවිය හැකි බැවින් සිද්ධිය ඊයේ දිනයේ වාර්තා නොකිරීමට පාකිස්ථාන බලධාරින් තීරණය කර තිබුණි. කෙසේ නමුත්, ඒ පිළිබඳව පාකිස්ථාන මාධ්‍ය අද හෙළිදරව් කළා. 

No comments:

Post a Comment

Post Bottom Ad