ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සහභාගි වූ අඟුණකොළපැලැස්ස ශ්‍රීලනිප රැස්වීමකට ගිනි අවියක් රැගෙන ආ කෝප්‍රල් සේනක රුවන් නැවතත් ජූනි 01 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද (19) නියෝග කළේය.
තවද මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරි මල්ලවගේ සුජීව ප්‍රියන්ත සහ සැරයන් නිශ්ශංක කිත්සිරි යන නිලධාරීන්ද ජූනි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අප මේ පිළිබඳ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසූවේ මෙම සිද්ධියට අදාලව ජනාධිපති ආරක්‍ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ සැරයන්වරයෙකු ඊයේ (18) රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.
ජනාධිපතිවරයා සහභාගි වු රැස්වීමක ආරක්‍ෂක නිලධාරියෙකු ගිනිඅවියක් රැගෙන පැමිණිමේ සිද්ධියට අදාල නඩුව අද (19) යළි විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාල නිලධාරින් දෙදෙනා අඟුණුකොළපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

No comments:
Post a Comment