පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන එකම පංතියේ සිසුන් 05 දෙනෙකු සහ සිසුවියන් 03 දෙනෙකු මදනමෝදක කා පාසල් කාල වේලාවේ නොමනා ලෙස හැසිරෙමින් සිට ඇත.
ඊයේ (19) උදේ කාලයේදී මෙලෙස පංති කාමරය තුළ මෙම සිසුන් 05 දෙනා සහ සිසුවියන් 03 දෙනා දිගින් දිගටම සිනා වෙමින් මත් ස්වභාවයෙන් සිටිනු දැක ඇති ගුරුවරුන් සැකසිතා වහාම පොලිසියට දන්වා තිබේ.
පොළොන්නරුව බැදිවැව මහ විද්‍යාලයේ 11 වසර පංතියක් තුළ මෙම සිද්ධිය ඇති වී තිබුණ අතර පාසලට පැමිණි පොළොන්රුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිස පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ.
එහිදී හෙළි වී ඇත්තේ පාසල් මාර්ගයේ ඇති ආයුර්වේද බෙහෙත් ශාලාවකින් මෙම මදනමෝදක සිසුන් විසින් ලබාගෙන ඇති බවත් මදනමෝදක 04 ක් එහිදී කා ඇති බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයුර්වේද බෙහෙත් ශාලාවේ අලෙවි කළ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සියලුදෙනාට අවවාද කර මුදා හැර තිබේ. මෙහිදී මධනමෝදක කා ඇති සිසුවියන් දැඩි ලෙස මත් ස්වභාවයකින් සිටි බවත් සඳහන්.
Wednesday, May 20, 2015
පාසල තුළ මදනමෝදක කෑ සිසුන් 05 ක් සහ සිසුවියන් 03 ක් හොඳටම හිනා වෙලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment