හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බලයට කැදර නැතිනම් ජාතික විධායක සභාවට රිංගාගෙන කුමක් කරන්නේදැයි ආචාර්ය දයාන් ජයතිලක මහතා ප‍්‍රශ්ණ කරයි.
ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ශ‍්‍රීලනිප ප‍්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ දේශනයක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘මහින්ද ත‍්‍රස්තවාදය පරදා උතුරු නැගෙනහිරට සාමය ගෙනා පසු ඊයේ පෙරේදා මෙහි ආ ඉන්දීය අගමැති මෝදි ඉල්ලූවේ දහතුනට එහා ගිය දෙයක් දෙන්න කියලයි. ඒ වගේම චන්ද්‍රිකාත් කලාප රාජ්‍යයක එකතුවක් කියලා එක වරක් පැකේජයක් විදිහට දෙන්න හැදුවෙත් ඒකම තමයි.
ඒ නිසා දේශපේ‍්‍රමි ජනතාවෙනි මේ රටට අදටත් ඕනේ මහින්ද. හෙටටත් මහින්ද. සැමදාට ඕනෑ වෙන්නේ මහින්දයි. දැන් චන්ද්‍රිකා කුමාරතුංග හැමතැනම කිය කියා යනවා දෙපාරක් බලයේ සිටි මහින්ද කෑදරකමට තව සැරයක් බලයට එන්න හදනවා කියලා.
එහෙනම් දෙවරක් බලයේ හිටිය එයා මොනවද ජාතික විධායක සභාවට රිංගා කරන්නෙ. එයත් බලයට තිබෙන කෑදරකමට වේදිකාවලට නැගලා කෑගහනවා. ඒත් මේ රටේ අතීතය දන්න ජනතාව දන්නවා නරේන්ද්‍ර මෝදි අද දෙන්න කියන දහතුනට එහා ගිය බලතල මුලින්ම දෙන්න හැදුව අපේ මෝඩි චන්ද්‍රිකා කියලා.
මහින්ද එදා පරාජය කළ ත‍්‍රස්තවාදීන් බලය තහවුරු කරගෙන සිටි ප‍්‍රදේශවල සිතියමයි, මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට වැඩිපුර මනාප ලැබුනු ප‍්‍රදේශ වල සිතියමයි. ඔබ හොදින් පරීක්ෂා කර බලන්න දෙකම එකයි.
එදා තමන්ට අයත් පළාත් සභාවක් බලයට ගෙන ඒමට ඡන්දය ලබා නොදුන් ජනතාවක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්න සිය ඡුන්දය භාවිත කර තිබෙනවා’
Monday, April 6, 2015

Home
දේශපාලන පුවත්
චන්ද්‍රිකා බලයට කෑදර නැතිනම් ජාතික විධායක සභාවේ කුමක් කරනවාද.. වේදිකා ගානේ යන්නේ ඇයි..?
චන්ද්‍රිකා බලයට කෑදර නැතිනම් ජාතික විධායක සභාවේ කුමක් කරනවාද.. වේදිකා ගානේ යන්නේ ඇයි..?
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment