සිමෙන්ති කොට්ටයට උපරිම මිලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

සිමෙන්ති කොට්ටයට උපරිම මිලක්

සිමෙන්ති කොට්ටයකට රුපියල් 870ක උපරිම විකිණුම් මිලක් අද සිට ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. 

සිමෙන්ති නිෂ්පාදන සමාගම් සමග අද පැවති සාකච්ඡාවකදි මේ සම්බන්ධයෙන් එකඟතා පළවු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැය මගින් සිමෙන්ති ආනයන තීරුබදු ඉවත් කිරීමත් සමග සිමෙන්ති මිල පහත දමන ලෙස ආණ්ඩුව සිමෙන්ති සමාගම්වලින් ඉල්ලීමක් කළා. එහෙත් ඉකුත් කාලසීමාව තුළ සිමෙන්ති මිල අඩු කිරිමක් සිදුනොවු බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවුණා

No comments:

Post a Comment

Post Bottom Ad