ශ්‍රී ලංකේය ජන ගී සමාජය තුළ ප්‍රචලිත කිරීම අරමුණු කර ගෙන රජයේ දින සියයේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන “හෙළ ගී මංගල්ලේ”ජන ගී ප්‍රසංගය 04දා ප.ව. 5.30 ට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හි දී පැවැත්වේ.මෙහිදී ජන ගී පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා විසින් ජන ගී පිළිබඳ විශේෂ දේශනයක් පවත්වනු ලබන අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ජන ගී කණ්ඩායම විසින් ජන ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ලැබේ.
සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙම ජන ගී ප්‍රසංගය සංවිධානය කරනු ලබයි.
– news.lk
No comments:
Post a Comment