සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කල අතර එය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රාජගිරිය කුරේ මාවතේ පිහිටි එහි මූලස්ථානයේදී පැවැත්විය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණේ මහ ලේකම් බියගම සූසීල හිමියන් පැවසූවේ විජාතික බලවේග රජය අපහසුතාවකට පත් කරමින් රණවිරුවන් බටහිර යුධ අධිකරණයට ගෙන යෑමට ප්‍රයත්න දරමින් සහ සංවර්ධන කටයුතු ආපස්සසට හැරවීමට ක්‍රියාකිරීම පරාජය කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බවය.
හෙළ උරුමය මගින් දැන් කෑලි කෑලිවලට කැඩී ගොස් ඇතැයිද සිංහල බෞද්ධයා වෙනුවෙන් ගොඩනැගුණු එම පක්ෂය වර්තමානයේදී විජාතික බලවේගවල රූකඩයක් වී ඇතැයිද රජයෙන් සියලු වරදාන සහ වරප්‍රසාද ලබාගෙන මෛත්‍රීපාල හවුලට එක්වීමෙන් පක්ෂයේ කීර්තියද සුනු විසුනුවී ඇති බවය.
හෙළ උරුමය මගින් දෙසැම්බර් 23වැනිදා පැවැත්වීමට යෝජිත සංඝ සම්මේලනයට ඡන්ද අයිතියත් නැති පිරිවෙන්වල ඉගෙන ගන්නා පොඩි හාමුදුරුවෝ සහභාගිකරගැනීමට කටයුතු කර ඇති අතර එය අද හෙළ උරුමය නොව විජාතික උරුමය ලෙස නම්කල හැකි බවය.
මෙරට කලගුණ දන්නා ජනතාව ජනාධිපති රාජපක්ෂට ජනවාරි 8වැනිදා මහින්ද රාජපක්ෂට ඉහළින්ම සිය කෘතවේදීභාවය පලකරනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ ප්‍රචාරක ලේකම් දිවුරුම්වල විනීත හිමියෝ පැවසූහ.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ගම්පහ ප්‍රධාන සංවිධායක කෑගල්ලේ සුමංගල හිමි,අනුශාසකවරුන් වන මාදිවෙල සීවලි , කහවත්තේ ඥනසීහ යන හිමිවරුන්ද සහභාගි වූහ.
– edmediaunit
Tuesday, December 23, 2014

ජනපති සහායට ෆොන්සේකාගේ භික්ෂු පෙරමුණත් එයි..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment