ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප‍්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත.
එම පක්ෂය පිවිතුරු හෙළ උරුමය නමින් නම් කර ඇති අතර එහි සංකේතය නෙළුම් මලයි. පිවිතුරු බව, ප‍්‍රඥාව සහ සාමූහිකත්වය සංකේතමත් කරමින් නෙළුම් මල පක්ෂයේ සංකේතය ලෙස යොදාගෙන තිබේ.
පක්ෂයේ පිහිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාද දැනුම්වත් කර ඇත. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇත.
ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 18ක්, පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ වෙනත් පක්ෂවල පළාත් පාලන මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුගේ සහයද දැනටමත් නව පක්ෂයට හිමි වී ඇත.
කුෂාන් සමීර
Monday, December 22, 2014

‘පිවිතුරු හෙළ උරුමය’ ගම්මන්පිල නව පක්‍ෂය පිහිටුවයි..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment