ඇපල්, ගූගල් දත්ත කේතනය කිරීමට FBI ප‍්‍රධානියාගේ විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

ඇපල්, ගූගල් දත්ත කේතනය කිරීමට FBI ප‍්‍රධානියාගේ විරෝධය

සිය පාරිභෝගිකයන්ගේ දත්ත අනවශ්‍ය තොරතුරු රැස්කිරීම් වලින් ආරක්‍ෂා කිරීම සඳහා ඇපල් සහ ගූගල් සමාගම් විසින් දත්ත කේතනය කිරීම හඳුන්වාදීම ඇමරිකානු ෆෙඩරල් බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්‍ෂක ජේම්ස් කොමේගේ දැඩි විරෝධයට ලක්ව ඇතැයි වාර්තා වේ.

වොෂින්ටන්හි බෲකින්ස් ආයතනයේ පැවති රැස්වීම් අමතමින් ඔහු පවසා ඇත්තේ මෙය විවෘත කිරීමට නොහැකි සේප්පුවකට සමාන බවයි.

ඇපල් සමාගම විසින් පසුගියදා හඳුන්වාදෙනු ලැබූ Mac OS X මෙහෙයුම් පද්ධතිය විසින් එය ක‍්‍රියාත්මක වන පරිඝනක හා ලැප්ටොප්වල දෘඪ තැටි ෆයිල් වෝල්ට් දත්ත කේතනය මගින් ආරක්‍ෂණය කෙරෙන අතර එමගින් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ හෝ FBI ඒජන්තයින්ට පාරිභෝගිකයන්ගේ පරිඝනක හා ජංගම දුරකථන වල ඇති ඡයාරූප, ඊ මේල්, පටිගත කිරීම් හා ලිපිලේඛන ලබාගැනීමේ අවස්ථාව අහිමි කර තිබේ.

ගූගල් සමාගමද පවසා ඇත්තේ සිය ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය සඳහා එම කේතනය කිරීම මූලික ලක්‍ෂණයක් ලෙස අඩංගු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව යම් පාරිභෝගිකයෙකු සිය දත්ත කේතනය සඳහා විරුද්ධ වුවහොත් හැර එය ඇන්ඩ්‍රොයිඞ් පද්ධති තුළ සක‍්‍රියව පවතිනු ඇත.

මෙය අපරාධකරුවන්ගේ අභිමතාර්ථය ඉටු වීමක් ලෙස හඳුන්වා ඇති කොමේ පවසා ඇත්තේ සියලූ සන්නිවේදන සමාගම් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන වලට සහය පළ කරන ලෙස මින් වසර 20කට පෙර පැණවූ නිතියක් සංශෝධනය කළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad