පෝලන්තය සමග යුක්රේනය බෙදාගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සැලසුම් කළ බවට ඇමරිකානු සගරාවක පළවූ පුවත සම්පූර්ණ විකාරයක් බව පුටින්ගේ මාධ්‍ය ප‍්‍රකාශක ද්මිත‍්‍රි පෙස්කොව් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ ඇමරිකානු පොලිටිකෝ සගරාවේ පළවන්නේ වැදගැම්මකට නැති රොඩු බොඩු බවයි.
පොලිටිකෝ සගරාවේ පුටින්ගේ කුමන්ත‍්‍රණය යන තේමාවෙන් පළවූ ලිපියක දක්වා තිබුණේ යුක්රේනය බෙදා වෙන්කරගැනීමට රුසියානු ජනාධිපතිවරයා සැලසුම් කළ බව 2007-2014 අතර පෝලන්ත විදේශ අමාත්‍යධුරය හෙබවූ රැඩොස්ලාව් සිකොර්ස්කි පැවසූ බවයි.
සිකොර්ස්කි මේ වන විට පෝලන්ත පහළ මන්ත‍්‍රී මණ්ඩලයේ කථානායකවරයාද වේ.
සිකොර්ස්කිට අනුව යුක්රේනය සමග ගැටුමක් ඇතිකරගැනීමට පුටින් උත්සහ දරා ඇත්තේ 2008දී පමණ වන අතර යුක්රේනය කෘත‍්‍රිමව ගොඩනැගූ රාජ්‍යයක් බවත් එහි විශාල භූමි ප‍්‍රදේශයක් රුසියාවට අයත්ව තිබූ බවත් රුමේනියාවේ බුකරෙස්ට්හි පැවති නේටෝ සමුළුවකදී රුසියානු ජනාධිපතිවරයා පැවසූ බව අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
ඒ අනුව සැපොරොෂෙයේ, ද්නිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ ඔඩෙස්සා යන පරිපාලන ප‍්‍රදේශයන් රුසියාවට වාසිදායක ඈඳාගත යුතු ප‍්‍රදේශ ලෙස නම් කර ඇති අතර මේ වන විට ගැටුම් පවතින ඩොන්බාස් ප‍්‍රදේශය රුසියාවේ අවධානයට ලක් වී නොමැත.
යුක්රේනයේ ල්වොව් නගරය පෝලන්තයට අයත් බැවින් එය යළි අත්පත් කරගන්නා ලෙස පුටින් එවකට පෝලන්ත අගමැති ඩොනල්ඞ් ටස්ක් වෙත පැවසූ බවද පොලිටිකෝ ලිපියේ සඳහන් කර ඇත.
Saturday, October 25, 2014

පෝලන්තය සමග යුක්රේනය බෙදාගැනීමට සැලසුම් කළ බව විකාරයක්
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment