දැරියක් කෙලෙසුවාට මරණ දඩුවම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

දැරියක් කෙලෙසුවාට මරණ දඩුවම

ධාවනය වෙමින් පැවති දුම්රියක නිදන මැදිරියක් තුළදී 13 හැවිරිදි දැරියක දුෂණය කර මරා දැමු පුද්ගලයෙකුට මරණ දඩුවම දෙයි.

 තායිලන්ත අධිකරණයක් මගින් මෙම පුද්ගලයාට මරණ දඩුවම නියම කළ අතර ඔහු පසුගියදා එම දඩුවමට පත්කල බව විදෙස් වාර්තා වල දැක්වෙයි.

අධික ලෙස බීමතින් දුම්රියෙන් ගමන් කර ඇති මෙම 22 හැවිරිදි පුද්ගලයා  යාබද මැදිරියක නිදමින් සිටි 13 හැවිරිදි දැරියක් සිය නිදන මැදිරියට ගෙන ගොස් දුෂණය කර මරා දමා තිබේ. පසුව එම සිරුර මෙම අධිවේගී දුම්රියේ ජනේලයෙන් ඉවතට දමා ඇති බවද වාර්තා වී තිබේ.

පසුව මෙම දැරිය දුම්රියේදී අතරුදන් වී ඇති බවට ඇය සමග ගමන් කළ ඇයගේ සොහොයුරියන් විසින් කල පැමිණිලි වලට අනුව මෙම පුද්ගලයා අත් අඩංගුවට  ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

එහිදී අධිකරණය මගින් මෙම තැනැත්තාට මරණ දඩුවම නියම කර ඇති අතර එය පසුගියදා ක්‍රියාත්මක කර තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad