කාන්තා විද්‍යාලයක 19 හැවිරිදි සිසුවියක් එම විද්‍යාලයේ ගුරුවරියකගේ පෙලඹවීම මත මාසයක කාලයක් නිවසින් අතුරුදන් වී සිටීමේ පුවතක් මාලබේ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.
මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙලෙස අතුරුදන්ව සිටි සිසුවිය පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු දැරිය ඇගේ මවට භාර දී ඇති බවයි.
මෙම දැරිය පසුගිය අගෝස්‌තු මාසයේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දී සිට ඇති අතර, අපොස උසස් පෙළ විභාගයේ අවසන් දින එනම් අගෝස්‌තු 29 වැනිදා විභාගයට මුහුණදීමෙන් පසු අතුරුදන් වී තිබෙනවා.
සිය දියණිය නිවසට නොපැමිණි නිසා ඇගේ මව හා වැඩිමහල් අයියා පොලිසියට පැමිණ කළ පැමිණිල්ලකින් පසු විමර්ශන අරඹා තිබෙනවා.
මෙම දැරියගේ පියා මියගොස් සිටින අතර වයස අවුරුදු 34 ක් වන මෙම ගුරුවරිය සිසුවියට මහරගමට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. පසුව ඇය සිසුවිය රෙදි සාප්පුවක රැකියාවකට යොමුකර මහරගම බෝඩිමක
නවතා ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසනවා.
මෙම ගුරුවරිය විවාහක දරුවන් සිටින තැනැත්තියක් බවත් සිසුවිය මෙලෙස සිටි මසක කාලය තුළ ඇයව අපචාර ක්‍රියා සඳහා ගුරුවරිය යොදාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අපට පැවසුවා.
එසේම මෙම ගුරුවරිය සිසුවියගේ නිරුවත් ඡායාරූප ලබාගත්තේද? යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය. සිසුවිය මෙම කාලය තුළ කළ දැ ගැන විමසා සිටීමේදී ඇය කිසිවක් නොපවසන බව ද හෙතෙම කීය.
මේ අතර අදාළ ගුරුවරියගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සිසුවිය රවටා මහරගමට රැගෙන යැම ගැන හා ඇයට එල්ල වන චෝදනා සියල්ලක්‌ම ප්‍රතික්‍ෂේප කරන බව එම ගුරුවරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.
සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඊයේ (07 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකළ බව ද එම නිලධාරියා කීය.
Wednesday, October 8, 2014
ගුරුවරියගේ උපදෙසින් සිසුවිය මාසයක් අතුරුදන් කරවුයේ නිරුවත් ඡායාරූප ලබාගන්නද.?
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment