වෙබි අඩවි පුවතක් සභාගත කරන්න ගොස් කඩුවෙල නගර සභාවේ ජංජාලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 7, 2014

වෙබි අඩවි පුවතක් සභාගත කරන්න ගොස් කඩුවෙල නගර සභාවේ ජංජාලයක්

http://ift.tt/eA8V8J

ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ හා සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර බරපතළ ලෙස බහින් බස් වීමක් සිදු වූ බවට වෙබි අඩවියක පළ වූ ප‍්‍රවෘත්තියක ඡයා පිටපත් කඩුවෙල මහ නගර සභාවේ මාසික රැුස්වීමේ දී එජාප මන්ත‍්‍රී පේ‍්‍රම රංජිත් පෙරේරා මහතා විසින් සභාගත කිරීමට උත්සාහ කරනු ලැබීමේ සිද්ධියක් නිසා සභා ගර්භය තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.

රැස්වීම පවත්වා ගෙන යන අතරතුර එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත‍්‍රී පේ‍්‍රම රංජිත් පෙරේරා මහතා ඉහත ඇමතිවරුන් දෙදෙනා අතර හට ගෙන ඇතැයි කියන බහින් බස් වීමට අදාළ එම වෙබි අඩවි ප‍්‍රවෘත්තියේ පිටපත් නාගරික මන්ත‍්‍රීවරුන් අතර බෙදා ගෙන යාමත් සමඟම ඒ පිළිබඳව නගරාධිපතිවරයා ප‍්‍රමුඛ පාලක පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් දැඩි විරෝධයක් මතු විය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad