ශ‍්‍රී ලංකාව හා චීනය අතර අන්තර්ජාල ආරක්‍ෂක ගිවිසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 15, 2014

ශ‍්‍රී ලංකාව හා චීනය අතර අන්තර්ජාල ආරක්‍ෂක ගිවිසුමක්

ශ්‍රි ලංකාව සහ චීනය අතර සයිබර් ආරක්‍ෂාව පිලිබදව අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි.

ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ චීන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නියෝජිතයින් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුම‍ට අත්සන් තැබුහ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේදී  ගිවිසුම‍ට අත්සන් තැබීම සිදුවිය. මෙම ගිවිසුමට අනුව සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් දෙරටට අන්‍යෝන්‍ය විශ්වාසයකින් හා සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ සැලසේ.

තවද සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් නව දැනුම මෙන්ම අත්දැකීම් දෙරට අතර  හුවමාරු කර ගැනීම එල්ල විය හැකි  හදිසි සයිබර් ප්‍රහාරයන් පිලිබදව දැනුවත් වීම සයිබර් ආරක්‍ෂාව පිලිබද විශේෂඥ දැනුම සහිත පිරිස් දෙරට අතර හුවමාරු කර ගැනීම මෙම ගිවිසුම මගින් හැකිවේ.

චීන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හුවාං චෙන් කිං ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  අධ්‍යක්‍ෂ නිති උපදේශක ජයන්ත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති අර්ල් ප්‍රනාන්දු සංසදයේ විධායක නිලධාරී ලාල් ඩයස් සංසදයේ  ප්‍රධාන තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු රෝහන පල්ලියගුරු යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වුහ.

– ICTA

No comments:

Post a Comment

Post Bottom Ad