කෝච්චියේ යාපනේ යන්න 24 වසරක් පරණ ටිකට්.. යාපනේටම රුපියල් 52.60 - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 15, 2014

කෝච්චියේ යාපනේ යන්න 24 වසරක් පරණ ටිකට්.. යාපනේටම රුපියල් 52.60

ඊයේ දිනයේ සිට යාපනය දක්වා දුම්රිය ගමන් ආරම්භ වූවත් ඒ සදහා මෙතෙක් ප‍්‍රවේශ පත‍්‍ර මුද්‍රණය කර නොමැති නිසා අදාල ගාස්තුව අය කර වෙනත් ගමනාන්ත දැක්වෙන ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් කීය.

මේ අතර ඊයේ දිනයේ වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ පමණක් මීට වසර 24 කට ඉහත දී නිකුත් කළ වැල්ලවත්ත යාපනය ප‍්‍රවේශ පත‍්‍ර තොගයක් තිබූ බවත් ඒවා යාපනය බලා ගිය මගීන්ට නිකුත් කළ බවත් එම ප‍්‍රකාශකයා කීය.

එදා වැල්ලවත්තේ සිට යාපනයට තුන් වැනි පන්තියේ දුම්රිය ගාස්තුව රු. 52.60 ක් වූ අතර අද එය රු. 320 කි.

No comments:

Post a Comment

Post Bottom Ad