ලයිට් බිල දැක ගෙහිමියාට හෘදයාභාධයක් වැළ‍ෙඳෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 24, 2014

ලයිට් බිල දැක ගෙහිමියාට හෘදයාභාධයක් වැළ‍ෙඳෙයි

කුඩා පවුලකට රුපියල් ලක්‍ෂ එක හමාරක පමණ මාසික විදුලි බිලක් ලැබීමෙන් පසු ගෘහමූලිකයාට හෘද රෝගය උත්සන්නව වී රෝහල් ගත කිරීමේ සිද්ධියක් බද්දේගම අකුරටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

දරු දෙදෙනකුගෙන් යුත් පවුලක ගෘහ මූලිකයා පෙදරේරු කාර්මිකයෙකි. සමෘද්ධිලාභීන් ලෙස කලක් ජීවත් වූ එම පවුලේ වැඩිමල් දියණිය විදෙස් රැකියාවක නිරතවන්නීය. ඔවුන් පදිංචි කුඩා නිවසේ බල්බ් 6ක් වතුර මෝටරයක් සහ ශීතකරණයක් භාවිතා කරයි. 

මීට වසර 08කට පෙර සිය නිවසට විදුලිය ලබා ගත් දා සිට රුපියල් 400කට වැඩි නොවූ විදුලි බිලක් ලැබී නොතිබුණ ද 1,46,561.78 ලයිට් බිලක් සැප්තැම්බර් මස 10 වැනි දින තමන් වෙත ලැබුණ බව ඔවුන් පවසයි.

අදාල මාසය සඳහා ඒකක 68ක් වෙනුවෙන් අය විය යුතු රුපියල් 842.40 මුදල සමග ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් එක්ලක්‍ෂ හතලිස් හයදහස් පන්සිය හැට එකයි ශත හැත්තඅටක් (1,46,561.78) ගෙවිය යුතු ලෙස සඳහන් විදුලි බිල තමන් වෙත ලැබුණ බවත් එය දැකීමෙන් තමන්ට දරාගත නොහැකි වේදනාවක් සමග හෘද රෝග තත්වය උත්සන්නව ප‍්‍රතිකාර ලබාගැනීමට සිදු වූ බවත් ගෘහ මූලික ලාල් කොඩිතුවක්කු මහතා කීවේය.

මොහුගේ බිරිඳ වන දීපිකා මල්කාන්ති මහත්මිය නමින් නිවසට විදුලිය ලබා ගෙන තිබෙන අතර ඇය පැවසූවේ අගෝස්තු මාසයේ විදුලි බිල වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක් පමණ ගෙවීමට සිදු වී ඇති බවයි.

මේ සම්බන්ධව ප‍්‍රාදේශිය විදුලි ඉංජිනේරු සිරිල් කරුණානායක මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුවේ "මම ඔය කියනකම් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. මම දැන් පරිගණකයෙන් අවශ්‍ය තොරතුරු බලා කියන කම් දුරකතනයේ රැඳී ඉන්න" යනුවෙනි. 

අනතුරුව ඔහු පැවසූයේ මෙම විදුලි බිල කොළඹ ප‍්‍රධාන කාර්යාලයට දන්වා ලබන මස නිවැරදිම ලෙස මේ නිවසට අදාළ විදුලි බිල ලබා දීමට කටයුතු කරන බවයි.




Source By : Neth Fm

No comments:

Post a Comment

Post Bottom Ad