මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙනවියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර නිවෙස් පින්තාරුකරු තවත් අපරාධ රැසකටම සම්බන්ධ බවට කරුණු හෙළි වී ඇතැයි මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකය පවසයි.
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු විසින් 1991 වර්ෂයේදී තලංගම නිවසකින් දේපළ සොරාගැනීමක් හෙළි වූ බව ද එම ඒකකය කියයි.
සැකකරු සොරාගත් ජංගම දුරකථන තුනක් හා ලැප්ටොප් පරිගණකයක චාජරයක් ද ඔහු කළ ප්‍රකාශයකට අනුව දොම්පේ පිහිටි ඔහුගේ නිවසින් සොයාගත් බව එම ඒකකය පවසයි.
මේ අනුව සැකකරු තවත් දේපළ සොරකම් හා අපරාධ කරන්නට ඇතැයි සැකකරන පොලිසිය ඒ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි.
තමන් අපරාධය සිදුකර මෙල්ෂියා මෙනවියගේ බ්ලැක්බෙරි ජංගම දුරකථනය ගලවා විසිකර දැමූ බවත් සොරාගත් රුපියල් එක්දහස් දෙසීයෙන් රුපියල් හාරසිය දහයක් වැයකර මත්පැන් පානය කළ බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
මේ අතර මාධ්‍යවේදිනී මෙල්ෂියා ගුණසේකර මෙනවියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (03 වැනිදා) කොළඹ ජාතික රෝහලේදී පැවති අතර ගෙල ප්‍රදේශයට එල්ල වූ මාරාන්තික පිහි ප්‍රහාර හේතුවෙන් අධික රුධිරය වහනය වීමෙන් මරණය සිදුවී ඇති බව හෙළි වූ බවත් එය මනුෂ්‍ය ඝාතනයක් බවත් අනාවරණය විය.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයේ මහාචාර්ය රවීන්ද‍්‍ර ප්‍රනාන්දු මහතා හමුවේ පැවැත්විණි.
පෙරේදා (03 වැනිදා) සවස බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මෙසේ පැවසීය.
මාධ්‍යවේදිනී මෙල්ෂියා ගුණසේකර මෙනෙවියගේ ඝාතනයෙන් එළිවෙන දෙයක් තිබෙනවා. ඒ තමන්ගේ නිවෙස් සෑදීමට, පින්තාරු කිරීමට එන අය අතර මේ වගේ අපරාධකරුවන් ඉන්න පුළුවන් කියන එක.
ඒ නිසා නිවෙස් සෑදීමට, පින්තාරු කිරිමට එන පුද්ගලයන් ගැන ජනතාව මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි. පොලිසිය ඉන්නේ අපරාධ මැඬලීමට. එහෙත් ජනතාව වශයෙන් හැමෝම අපරාධ වළක්වන්නට එකතු විය යුතුයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Wednesday, February 5, 2014
නරක බාස් හොර වැඩ ගොඩක් කරලා
Tags
# featured
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
featured,
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment