ෆේස් බුක්ට අවුරුදු 10 යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 5, 2014

ෆේස් බුක්ට අවුරුදු 10 යි

අලුත් විශේෂාංග සමග මාර්ක් ෂුකර්බර්ග්ගෙන් පණිවිඩයක්

ඊයේ පෙබරවාරි 4 වනදා ලෝකයේ ප්‍රබලතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් සිය 10 වන සංවත්සරය සැමරුවා.

මේ නිමිත්තෙන් ඉතා සිත්ගන්නා ආකාරයට නව විශේෂාංග කිහිපයක් ෆේස්බුක්හි ඉදිරිපත් කරන්නට එම නිර්මාණකරුවන් පියවර ගෙන තිබෙනවා.

ඉන් එකක් වන්නේ ෆේස් බුක් සාමාජිකයින් සියලුදෙනාට වෙන වෙනම අනන්‍ය වූ ආවර්ජනීය වීඩියෝවකි. 

එහිදී තමතමන්ගේ ඡායාරූප ගැලරිවල ඡායාරූප ඇසුරෙන් වැඩිම දෙනෙකු බැලූ වැඩිම හුවමාරුකිරීම් කළ ආදී ඡායාරූප එකතුකර ආවර්ජනීය මතකය කැඳවන අතර ඔබ ෆේස්බුක්හි සිටින්නේ අහවල් කාලයේ සිට යන්නද මතක් කර දෙයි. 

ෆේස් බුක් ලොග්වී සිටින කෙනෙකුට ෆේස්බුක්හි https://www.facebook.com/lookback
නමැති ලිපිනය සහිත පිටුවට ගොස් මෙම වීඩියෝව නරඹන්නට හැකියාව ලැබේ.

මේ අතර ෆේස්බුක් මුල්කවරය ඊයේ සිට උපන්දින කේක් එකක් කපන අවුරුදු 10ක සි`ගිත්තෙකුගේ අපූරු වීඩියෝවකින්ද සැරසී තිබෙයි.

මාර්ක් ෂුකර්බර්ග් හාවර්ඩ් සරසවියේ ශිෂ්‍යයෙකුව සිටියදී අත්හදාබැලීමක් ලෙස සරසවි ප්‍රජාව වෙනුවෙන් නිර්මාණය කළ ෆේස් බුක් වෙබ් අඩවිය අද වනවිට ලෝකයේ ප්‍රජාව එකතුකරන අපූරු උපාංගයක් මෙන්ම ආණ්ඩු පෙරළන බලවේගයක් දක්වා ගමන් කර තිබෙනවා.

මේ වනවිට ලෝකයේ සිටින ලාබාලම ධනවතකුද වන ෂුකර්බර්ග් සිය 10 වන සංවත්සරය වෙනුවෙන් අපූරු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. එහි අදහස පහත පරිදිය.

මේ දක්වා අප පැමිණියේ විස්මිත ගමනක්. එහි කොටස්කරුවෙකු වන්නට මට පුලුවන්වීම ගැන සතුටුයි. විශාල පිරිසකගේ ජීවිත සමග සමීපවීමට ලැබීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මං උත්සාහ කළා හැකි සෑම විටකම මේ හරහා උපරිම ආකාරයේ බලපෑමක් ඇති කරන්නට.

ෆේස් බුක් අද මොකද කරන්නෙ යන්න මිනිසුන්ට මතුවන පැනයක්. මට මතක්වෙනවා ෆේස් බුක් ආරම්භ කරන ලද කාලයේ දවසක් රෑ මං පාසලේ මිතුරෙකු සමග පීට්සා කමින් මේ ගැන උත්තර දුන්නා. 

මං කියා සිටියේ මං බලාපොරොත්තුවෙන්නේ මේ මගින් අපේ පාසල් ප්‍රජාව එකිනෙකා යාකරවන්න කියා. ඒ වගේම කවදාහරි ලෝකයම ඒ විදිහට යාකළ හැකි බවත් මං කිව්වා.

මං හැමවිටම එහි වැදගත්කම ගැන සිතුවා. මිනිසුන්ට එකිනෙකා අතර විවිධ දේ හුවමාරුව හා සම්බන්ධව සිටීමට ඇති හැකියාව මිනිසුන්ට ඔවුනගේම එකමුතුකමක් ගොඩනගන්නට හොඳ ශක්තියක්.

ගෙවුණ අවුරුදු 10 දෙස ආපසු හැරී බලනවිට මෙවැනි දෙයක් ගොඩනගන්නට අප උත්සුක වුනේ ඇයිද යන පැනය නිතර මට ඇතිවුණා. විශාල කොම්පැනියකට තරම් වත්කමක් මුලදි අපට තිබුනෙ නෑ. 

නමුත් අපි ශිෂ්‍යයින් හැටියට අවම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන අරගන්නට නැඹුරුවක් තිබුණා.අපේ ඉලක්කය සපුරාගත හැකිවුනේ ඒ සැලකිල්ල නිසාමයි. 

අපි දැන් මේ ජාලය සාදාගෙන තිබෙන නිසා එකිනෙකාට උදව්පදව් කිරීමේ හැකියාවෙනුත් අපි ජවසම්පන්නයි. ඉදිරි දස වසරේදි අපේ සැලසුම වනු ඇත්තේ කුඩා හෝ විශාල පරිමානයේ සමාජ ප්‍රශ්න වලට ලෝක ප්‍රජාවක් ලෙස ෆේස්බුක් හරහා එකතුවී විසඳූම් සෙවීමටයි.

මේ මොහොතේ සමාජ ජාල යනු එක් එක් දේ හුවමාරු කරන මාධ්‍ය වුවත් ඉදිරියට ලෝක ප්‍රශ්න හමුවේ එකතුවන විසඳූම් සොයන උදව් කරන සමාජ ජාල බලවේග  ලෙස දිස්වනු ඇත.

මේ වනවිට ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් අන්තර්ජාලයේ සිටිනවා. ඉතිරි තුනෙන් දෙකත් අන්තර්ජාලයෙන් එකතු කරන්න ඉදිරි දශකයේ අපි උත්සාහ කළ යුතුයි.

අපි තව තවත් තාක්ෂණික ඥානය හා උපකරණ භාවිතයෙන් ඉදිරි අභියෝග ජයගත යුතුයි. එවිට අපට අදටත් වඩා හොඳට පවුල් සබඳතා මිතුරු සබඳතා ව්‍යාපාර සබඳතා විවිධාකාරයෙන් මේ ඔස්සේ වැඩිදියුණු කළ හැකිවනු ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා මම මගේ හැකි පමණින් වගකීම දරා ඔබ වෙනුවෙන් දායක වන අතර ඔබ මාගේ සේවය ලබාගන්නට ඉදිරිපත්වීම ගැන තුති පුදමි.


No comments:

Post a Comment

Post Bottom Ad