අහංගම ප්‍රදේශයේ සිංහල උගන්වන උපකාරක පංති ගුරුවරයකු තම පංතියට එන දහතුන් හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාර යෙන් නිවසකට රැගෙන ගොස් කෑගැසුවොත් මරණවා කියා පිස්තෝලයක් වැනි දෙයක් පෙන්වා තර්ජනය කොට දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් පිළිබඳ පුවතක් අහංගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.
දැරිය අහංගම පියදිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පෙරේදා (06 දා) පස්වරුවේ මෙම උපකාරක පංති ගුරුවරයාගේ සිංහල පංතියට ගොස් තිබෙනවා. පංතියට සහභාගි වී ආපසු නිවසට පාගමනින් එමින් සිටියදී උපකාරක පංති ගුරුවරයා යතුරු පැදියකින් පැමිණ තිබෙනවා.
ප්‍රශ්න පත්‍ර බැලීමට එන ලෙසත් නිවසේ තවත් ළමුන් සිටින බවත් පවසා දැරිය උපකාරක පංති ගුරුවරයා විසින් යතුරු පැදියේ නංවාගෙන
සිලගන්දුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් තිබෙනවා.
එම නිවසේ තවත් ළමයකු සිටින බවත් ඔහුට කථා කරගෙන එන ලෙසත් ගුරුවරයා දැරියට පවසා ඇයගේ පසු පසින් ගොස් ඇති අතර පසුව මෙම අපරාධය කර තිබෙනවා.
Sunday, January 12, 2014
ගවුම ගලෝපිය.. කෑගැහුවොත් මරණවා.. 13නේ දැරිය කාමරයකට දමා දුෂණය කල ටියුෂන් ගුරා
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment