TNA ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට කාකොටාගනී.. වසර දෙකහමාර බැගින් දෙදෙනෙකු බෙදාගනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

TNA ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට කාකොටාගනී.. වසර දෙකහමාර බැගින් දෙදෙනෙකු බෙදාගනී !

දෙමළ ජාතික සන්ධානයට මෙවර මහ මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය දෙදෙනකු අතර බෙදා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක් අයකු මන්ත්‍රීධූරය වසර දෙකහමාරක කාලයක් දැරීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානය විසින් පත්කර යවා තිබෙන තවරාසා කලෙයි අරසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පලමු වසර දෙකහමාරක කාලය දරනු ඇති අතර ඊළඟ වසර දෙක හමාර මාවෙයි සේනාධිරාජා මහතා විසින් දරනු ඇත.

නමුත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් මහ ඇමැති ධුරය සඳහා සේනාධිරාජා මහතා තරග කිරීමට තීරණය කර ඇති අතර ඔහු මහ ඇමැති ධුරයට පත් වූවොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බෙදා ගන්නා අනෙක් තැනැත්තා යළි නම් කරන බව දෙමළ ජාතික සන්ධානය කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad