"මම විශ්වාස කරනවා මේ යන විදියට තුනෙන් දෙකක බලයක් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම බැරිවුණොත් තුනෙන් දෙක හදාගන්න ක්‍රම දන්නවා.
ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු වැඩසටහනක් තියෙනවා ලක්ෂ 69ක් ඡන්දය දීපු. ඉතිං ඒ වැඩසටහන, ඒ ප්‍රතිපත්තිය තමයි අපි ක්‍රියාත්මක කරන්නෙ පාර්ලිමේන්තුවේ. ඒක අනුමත කළා 69 ලක්ෂයක්. ඒ හින්දා අලුත් දේවල් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ, අර ජනාධිපතිවරයාට ඡන්දය දුන්නු වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


No comments:
Post a Comment