සිද්ධවෙන්න ඔිනදේ නියම කාලෙට වෙයි -- ඇමති තනතුර අත්හල විජේදාසගෙන් ආණ්ඩුවට අනතුරු ඇගවිමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

සිද්ධවෙන්න ඔිනදේ නියම කාලෙට වෙයි -- ඇමති තනතුර අත්හල විජේදාසගෙන් ආණ්ඩුවට අනතුරු ඇගවිමක්

කණගාටු වීමට හේතුවක් නැ
අසුබවාදී ලෙස බැලිය යුතු නැ

තමන්ගේ දේශපාලනයේ අනාගතයේදී සිදුවිය යුතු දේ නිසි කාලයට සිදුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

අනාගතය දෙස අසුබවාදී ලෙස බැලිය යුතු නැති බවත් තමන්ට කණගාටු වීමට හේතුවක් නැති බවත් ඔහු පවසනවා.
අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළා.

පක්‍ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ ජනාධිපති ගේ වැඩ පිළිවෙල අනුමත කරමින් පළමු වතාවට කොළඹ ආසන 12ක් ලැබීම ඉතිහාසය ජයග්‍රහණයක් බව ද ඔහු එහිදී පැවසුවා.

මෙවර මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන තිබෙන බව ඡන්ද ප‍්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනී යන්නේ දේ යයිද ඔහු තව දුරටත් කියා සිටියා.

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් යෝජනා වී තිබුණද ඔහු එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කළා.

No comments:

Post a Comment

Post Bottom Ad