කොරෝනා තවත් ඉහලට.. ශ‍්‍රී ලංකාව කොරෝනා අධි අවදානමක - වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

කොරෝනා තවත් ඉහලට.. ශ‍්‍රී ලංකාව කොරෝනා අධි අවදානමක - වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

යේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

ඒ සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝදායනයට ලක්කර සිටි අයයි.

එම පිරිසත් සමග මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2984 දක්වා ඉහළ යයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ ඉන්දියාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකාව ද කෙරෝනා අධි අවදානමට ලක්වන බවයි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණ වහාම නවතාගත යුතු බවත් නැති නම් ශ්‍රී ලංකාවට ද වෛරස ව්‍යාප්තියක් ඇති විය හැකි වුව ද ඔහු සඳහන් කළේ ය.

ලෝකය පුරා කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇති නිසා ශ්‍රී ලංකාවද වෛරස අවදානමෙන් මිදී නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad