ලංකාවේ දෙමල ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න - සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

ලංකාවේ දෙමල ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න - සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට බරපතල හානිදායක වන ව්‍යවස්ථා සංශෝධනයක් රජය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව දෙමළ ජාතික සන්ධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයට දැනුම්දී තිබේ.

කොළඹ සිටින ඇමරිකානු තානාපති මුණගැසුනු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු නියෝජිතයන් විසින් මේ බව පෙන්වා දී ඇත.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව 13 සංශෝධනය අහෝසි වනු ඇති බවට ද සැක මතුවී ඇතැයි ඔහු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් විසින් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සලසා දෙන්නැයි ද ඔහු ඉල්ලා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad