“මම අද පිළිකා රෝගියෙක්” ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

“මම අද පිළිකා රෝගියෙක්” ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන

“මම අද පිළිකා රෝගියෙක්” ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන

“මම අද පිළිකා රෝගියෙක්” ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන....

මට ආදරය කරන ,මගේ ආදරණීය ඔබ වෙත ,

ඔබ වගේම මමත් කිසි දිනක අහන්නට බලාපොරොත්තු නොවුනු ඒ අමිහිරි ආරංචිය සත්‍යයක්. මම අද පිළිකා රෝගියෙක්.

ඒත් මූලික අවධියේ දී ම මගේ රෝගී තත්ත්වය අපේ රටේ දෙවිවරු වැනි වෛද්‍යවරුන් හඳුනා ගත්තා

මාස කිහිපයක් තිස්සේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මම හොඳින් ඉන්නවා.

මගේ ගෙදර අය, ළඟම හිතවතුන් මේ කාලයේ මගේ ළඟින් ම හිටියා.

ඒත්…, මෙවැනි දේ නීරස නිසා මට ආදරය කරන ඔබගෙන් මගේ රෝගී තත්ත්වය මෙතෙක් වසන් කලා. ඒත් හැමදාට ම එය කළ නොහැකියි.

මට ආදරේ කරන ගෞරව කරන ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා සුවපත් කරන බව මට විශ්වාසයි.

ඒත් මෙවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන කිහිප දෙනෙකුත් අපි අතර ඉන්න පුළුවන්. ඒ බව දැනුවත් කරන්නයි මම මෙහෙම ලියන්න හිතුවේ..

මා වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර පහසුවෙන් හා අපහසුවෙන් උවත් මගේ ගෙදර අය හා ළඟම හිතවතුන් ගේ මැදිහත් වීමෙන් කරගෙන යනවා.

මෙවැනි සංවේදී අවස්ථා පාවිච්චි කරමින් ඇතැමුන් ව්‍යාජ ගිණුම් හරහා මුදල් එකතු කිරීම් කරනවා. එවැනි රැවටීම් වැනි දෑ වලින් ඔබව වැළකීම මගේ යුතුකමක්.

නැවතත් මම ආදරයෙන් සිහිපත් කරන්නේ හැම දේකටම වඩා ඔබගේ ආශිර්වාදය මාව සුවපත් කරාවි…

මම, ඔබේ ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි…??

No comments:

Post a Comment

Post Bottom Ad