අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය අද

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය අද

අද (28) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය සිදුකිරීමට නියමිතයි.

රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ඊයේ (27) ආරම්භ වුණි.

පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද ඊයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඊයේ මෙන්ම අදත් පාර්ලිමේන්තු විවාදය දිවා ආහාර වේලාවෙන් තොරව පස්වරු 6.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad