ආයුධ තොගයක් එක්ක තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිවෙයි - ඔත්තුව "අංගොඩ ලොක්කා"ගේ ගෝලයෙකුගෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

ආයුධ තොගයක් එක්ක තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිවෙයි - ඔත්තුව "අංගොඩ ලොක්කා"ගේ ගෝලයෙකුගෙන්

ආයුධ තොගයක් එක්ක තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිවෙයි - ඔත්තුව

ඉන්දියාවේදී මියගිය බවට සැකකෙරෙන "අංගොඩ ලොක්කා"ගේ ගෝලයෙකුගෙන් ලද තොරතුරු අනුව හෙරොයින් කිලෝ 42ක් ඊයේ (26) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අඹතලේ ප්‍රදේශයේ දී සොයාගැනුණි.

ටී - 56 ගිනි අවි 03 ක්, ටී 56 උණ්ඩ 170ක් එම මැගසින් 03ක් හා පිස්තෝලයක් ද එහිදී සොයාගනු ලැබීය.

මෙම ආයුධ තොගය සොයාගත්තේ පසුගිය 22වන දා මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත් වූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

ආයුධ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ සැකකරු තම නිලධාරීන් කැටුව ගොස් ආයුධ සඟවා තිබූ ස්ථානය පෙන්වූ බව පොලීසිය පවසයි.

මෙහිදී සොයාගත් හෙරොයින් කිලෝ 42 විදෙස් රටකින් ගෙන්වූ අයුරින්ම සඟවා තිබීම විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad