මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අරඹන්න අත්තිකාරම් මුදල් ගෙවයි - වසර 3කින් වැඩ අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අරඹන්න අත්තිකාරම් මුදල් ගෙවයි - වසර 3කින් වැඩ අවසන්

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අරඹන්න අත්තිකාරම් මුදල් ගෙවයි - වසර 3කින් වැඩ අවසන්

අවුරුදු පහක් තිස්සේ වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි වැඩ ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

වැඩ ආරම්භ කිරීමට මූලික අත්තිකාරම් මුදල ද පසුගිය 25 වන දා ගෙවා තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54කි.

පළල මීටර 24.4ක් වන අතර මංතීරු හතරකින් සමන්විතය. ගුවන් පාලම් දුර කිලෝමීටර 13.24 කි. මේ සඳහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158කි.

”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බවද, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වසර 4ක් ගතවුවත් වසර 3ක් ඇතුළත එහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad