
අතුරුදන්ව සිටින බව පැවසෙන අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් ඇත්තේ පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ අනුදැනුම මත බවට විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් චෝදනා කරති.
පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ සහයද ඇතිව මෙය සිදු කර ඇති බවය.
කෙසේ වෙතත් වේදිනිගම හිමිගේ ගුරු හිමියන් අද (25) ප්‍රකාශ කළේ උන්වහන්සේ ආරක්ෂිතව සිටින බවය.
උන්වහන්සේ පැවසුවේ ඊයේ (24) රාත්‍රීයේ තමන්ට පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් හවු වු බවත් ළඟදීම දිනයකදී විමලතිස්ස හිමියන් සිටින තැනින් එළියට එන බවත්ය.
මෙවැනි පසුබිමක සත්කෝරළ උරුමය සංවිධානය අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට ශාසනය මැදි කර නොගන්නා ලෙසය.
No comments:
Post a Comment