වාහන ආනයනය සීමා කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

වාහන ආනයනය සීමා කෙරේ

 

මේ වනවිට ශ්‍රී  ලංකාවට ආනයනය කර ඇති රථවාහන සංඛ්‍යාව වසර දෙකහමාරකට ප්‍රමාණවත් වන නිසා රථවාහන ආනයනය සීමා කර ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසනවා.

වාහන ආනයනය යනු පූර්ණ වශයෙන්ම විදේශ විනිමය රටින් පිටතට ඇදී යන ව්‍යාපාරයක් බව සඳහන් කළ ජයසුන්දර මහතා පසුගිය වසර කිහිපයක් තිස්සේ රථවාහන හා අමතර කොටස් ඇතුළු ආනයන වියදම් ඇමෙරිකන් ඩොලර් මිලියන 1000-1200 අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති බවද පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad