අපි පොදු එකඟතාවයක ඉන්නේ - මහ ඇමැතිකමට ඉල්ලන්නේ නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

අපි පොදු එකඟතාවයක ඉන්නේ - මහ ඇමැතිකමට ඉල්ලන්නේ නැහැ

අපි පොදු එකඟතාවයක ඉන්නේ - මහ ඇමැතිකමට ඉල්ලන්නේ නැහැ

සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් හා තමන් පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් නොවීමට පොදු එකඟතාවයකට පැමිණ සිටින බව රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළේය.

මේ තිදෙනා පැවති රජයන් රැසක ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර හොබවා තිබේ. එහෙත් පසුගිය මහ මැතිවරණයෙන් පසු මේ තිදෙනාටම කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයා පියවර නොගත් බැවින් ඔවුන්ට මන්ත්‍රී ධුර වල සිටීම ජනතාවට සේවය කිරීමට සිදු විය.

එහෙත් විජයදාස රාජපක්ෂ මහතා තමාට ලබා දුන් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කිරීම මත එය මේ වන විට සුසිල් ප්‍රේමජයන්ත් මහතාට ලබා දී තිබේ.

ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා සබරගමුව පළාතටත්, සුසිල් ප්‍රේමජයන්ත් මහතා බස්නාහිර පළාතටත්,  අනුර ප්‍රියදර්ශන යාපා මහතා වයඹ පළාතටත් මහා ඇමති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ දේශපාලන සැලැස්ම බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad