විවාහවීමට අවම වයස් සීමාවක් - පනත් කෙටුම්පත් යෝජනාවක් එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

විවාහවීමට අවම වයස් සීමාවක් - පනත් කෙටුම්පත් යෝජනාවක් එයි

විවාහවීමට අවම වයස් සීමාවක් - පනත් කෙටුම්පත් යෝජනාවක් එයි

නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ඊයේ (26) දිනයේ දී අදාළ යෝජනාව පාර්ලිමේන්නතු මහ ලේකම් ධමිමක දසනායක මහතා වෙත භාරදී තිබේ.

විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස් සීමාව ලෙස අවුරුදු 18 ප්‍රකාශයට පත් කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

කුමන ජාතියක වුවද එක හා සමාන අයිතිවාසිකම් දරුවන්ට ලබා දිය යුතු බවත් මෙම නීතිය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කිරීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad